ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම 09 වෙනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාෂයක් කරන බව මේ වනවිට විශාල ප්‍රචාරයක් කරන තිබෙන අතර ඔහු අගමැති ධුරය දැරූ 2002 ජනවාරි මාසයේ කළ ප්‍රකාශයක් තුළින් පුරෝකථන කළහැකිව තිබේ.
එම ප්‍රකාශය පදනම් කරගනිමින් 2002 ජනවාරි 23 වෙනි දින දිනමිණ පුවත්පතේ “සත්‍යය කුමක්දැයි අවංකව හා නිර්භීතව කතා කළ යුතු කාලය අද උදාවෙලා” යන සිරස්තලයෙන් පිටුවක් පල කර තිබිණි. එහි ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුම් ලබා දෙන බව “එදිරිවාදිකම් අත්හිටුවීම” යන අනුසිරස්තලයෙන් විස්තර කර තිබුණේ පහත දඳහන් පරිදිය.
“එසේම ද්‍රවිඩ ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන තාඩන පීඩන සහ හිරිහැර ඉවත් කිරීමටද අධියර කිහිපයකින් පියවර ගත යුතුයි. ඊට අදාල වාර්තා දැනටමත් අපට ලැබී තිබෙනවා. උතුර-නැගෙනහිර ධීවරයන්ගේ ජීවනෝපායට එරෙහිව පනවා තිබූ තහමනම ලිහිල් හා සංශෝධනය කිරීමට අප පියවර ගන්නවා. මේ සියල්ල අපේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඉටු කරන යුතුකම් ලෙසයි මා සලකන්නේ.”
මේ වනවිට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා ජාතික ගැටළුව විසඳන බව ප්‍රකාශ කරමින් විශාල ප්‍රචාරයක් ගෙන ගියද පසුගියදා රැස් වූ පක්ෂනායකයින්ගේ සහ නියෝජිතයින්ගේ හමුවේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ඇහුම්කන්නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැගිටගිය අයුරු මන්ත්‍රී එම්.ඒ සුමන්ධිරන් ඇතුළු මහජන නියෝජිතයන් මාධ්‍යයට හෙළි කර තිබිණි.










