මැතිවරණ සහ පොලිස් කොමිෂන්වලට ආණ්ඩුවෙන් තවත් කොක්කක්

මැතිවරණ සහ පොලිස් කොමිෂන්වලට ආණ්ඩුවෙන් තවත් කොක්කක්

ස්වාධීන මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභා දෙක සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් යෝජනා කර තිබෙන නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්තා සභාව නියෝජනය කරණ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම කොමිෂන් සභාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

අගොස්තු දෙවෙනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුණු අතර සිවිල් සංවිධාන විසින් නම් කරන ලද නියෝජිතයින් දෙදෙනාට ආණ්ඩුවේ සාමාජිකයින් විරෝධය පල කර ඇත. මේ නිසා මෙම මස 22දා යළි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී ගැටළුව නිරාකරණය කර ගැනීමට සැලසුම් කර තිබේ. මෙම කොමිෂන් සභාවල නියෝජිතයින් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සියළුදෙනාගේ අනුමැතිය ලබාගත යුතුය.

මේ වනවිට පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් 05 සෙනෙකු ආණ්ඩුව නියෝජනය කරමින් පත් කර ඇති තව දෙදෙනෙකු සිවිල් සංවිධානවලින් පත් කළයුතුව ඇත. මැතිවරණ කොමිෂන් සභාව සඳහා ආණ්ඩුවේ සාමාජිකයින් තිදෙනා පත් කර ඇති අතර සිවිල් සංවිධාන නියෝජනය කරමින් දෙදෙනෙකු පත් කළ යුතුය.

Facebook
Twitter
LinkedIn