මම මහින්ද හමුවුනේ නැහැ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අතර කතානායක නිල නිවසේ දී සාකච්ඡාවක් පැවැත්වූ බව පල වන පුවත් වාර්තා මුළුමනින්ම අසත්‍ය යැයි ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (25) රාත්‍රීයේ සාකච්ඡාවක් පැවති බවට අද(26) දින ඇතැම් පුවත්පත්වල මෙන්ම වෙබ් අඩවිවලද වාර්තා පල කර තිබිණි.

පවත්නා දේශපාලන වාතාවරණය හමුවේ මෛත්‍රී – මහින්ද අතර මෙවැනි සාකච්ඡාවක් පැවත්වීමට අදාළ පසුබිම සකස්වෙමින් තිබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Facebook
Twitter
LinkedIn