කාසල්රී මට්ටම 78%ක් දක්වා ඉහළට

කාසල්රී මට්ටම 78%ක් දක්වා ඉහළට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම අද (02) වනවිට 78.2% දක්වා ඉහළගොස් ඇතැයි වාර්තා වේ.

එම ජලාශය භාර ඉංජිනේරුවරයා පවසන්නේ කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155ක් වන අතර මේ වනවිට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 26ක් දක්වා ලඟා වී ඇති බවය.

කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලිය උත්පාදනය සිදු කරන අතර විදුලි උත්පාදනයෙන් පසුව එම ජලාශයේ සහ මවුස්සාකැලේ ජලාශයේ ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.

මෙම ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් මතු වි තිබු ජලාශයේ දුපත් රැසක් මේ වනවිට ජලයෙන් යට වෙමින් පවති.

Facebook
Twitter
LinkedIn