මහින්ද-මෛත්‍රි ඊයේ රෑ රහසේ හමුවෙලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අතර ඉතා රහසිගත හමුවක් ඊයේ (25) රාත්‍රියේ කතා නායක නිල නිවසේදී සිදුව ති‍බේ.

මේ වනවිට හෙළි වී ඇති තොරතුරු අනුව සාකච්ඡාව මෙම දෙදෙනාට‍ පමණක් සීමා වී ඇත. පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡාව පැවති බව වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය විවාදයට ගැනීම කල් දමමින් පාර්ලිමේන්තුව අස්ථාවර කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්ථාවර කර ගැනීමට මෛත්‍රී – මහින්ද සමගි සන්ධානයක් ඇති කර ගැනීමට උත්සාහ දැරිණ.

පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ‍මෛත්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහයෝගය දැක් වූ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ රනිල් වික්‍රම සිංහ මහතා විරසක කර ගනිමින් වත්මන් ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සමග සන්ධාන ගතවෙමින් සිටී.

Facebook
Twitter
LinkedIn