විදුලි බිල නොගෙව්වැයි විදුලි සැපයුම විසන්ධි කිරිමට ගිය විදුලි සේවකයන් තිදෙනකු නිවෙස් හිමියකුගෙන් පහරකා රෝහල් ගතකර තිබේ.
පහරදීම සිදුකළ වාද්දුව, හබරලගහලන්ද ප්රදේශයේ පදිංචි සැකකරු ප්රදේශය හැරගොස් සිටින බව උසස් පොලිස් නිළධාරීයෙකු පැවසීය.
වාද්දුව හබරලගහලන්ද ප්රදේශයේ නිවසක මාස කිහිපයක විදුලි බිල නොගෙවීම සම්බන්ධයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබුණද එය නොසලකා හැරීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීම සදහා විදුලි පෞද්ගලික සමාගමේ සේවකයන් තිදෙනකු නිවසට ගොස් ඇති අතර සැකකරු ඒ මොහොතේ නිවසේ සිට නැත.
විදුලි සැපයුම විසන්ධි කරන අතරතුර සැකකරු නිවසට පැමිණ ඇති බවත් එහිදී උරණවූ සැකකරු විදුලි සේවකයන් තිදෙනාට පහරදී නැවත විදුලි සැපයුම බලහත්කාරයෙන් ලබාගෙන ඔවුන්ව පිටත්කර හැර ඇති බවටත් සඳහන් කරමින් ඔවුන් වාද්දූව පොලිසියට පැමිණිළි කර තිබේ.
Views: 0










