එංගලන්තය හමුවේ නවසීලන්තයට අන්ත පරාජයක්!

නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (23) පැවැති පන්දුවාර 20 විස්ස තරඟයෙන් ලකුණු 56ක පහසු ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 191ක් රැස් කිරීමට සමත් විය. එංගලන්ත කණ්ඩායම ජෝ රූට් පන්දු 46කදී ලකුණු 68ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16.2කදී සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 135ක් පමණි. නවසීලන්ත ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ කේන් විලියම්සන් පන්දු 37කදී ලකුණු 57ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් ඇතුළත් විය. බ්‍රෙන්ඩම් මැකලම් පන්දු 15කදී වේගවත් ලකුණු 35ක් රැස් කළ අතර ඊට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත් විය. රෝස් ටේලර් ලකුණ 17ක් රැස් කළ අතර අනෙක් කිසිදු ක්‍රීඩකයකු ලකුණු 10 සීමව පසු කිරීමට අසමත් විය.

පන්දුවාර විස්සයි 20 තරගයට පෙර පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියද එංගලන්ත කණ්ඩාය 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

Facebook
Twitter
LinkedIn