රිදීගම කැප්පිටිගල නගරය ආසන්නයේ පිහිටි පැරණි පාලමක් අද (22) පෙරවරුවේ ලොරි රථ දෙකක් සමග කඩා වැටී තිබේ. පාලම කඩා වැටීමත් සමග ප්‍රදේශවාසීන්ගේ ගමනාගමනයට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව පැවසේ.
මෙම පාලම බ්‍රිතාන්‍යය යටත් විජිත සමයේ ඉදිකළ එකක් බවද පැවසෙන අතර කඩා වැටුණු පාලමේ සිරවී තිබෙන ලොරි රථ දෙකෙහි සිටි කිසිවෙකුටත් අනතුරක් සිදු නොවූ බව රිදියගම පොලිසිය පවසයි.

Views: 0









