ඇඟලුම් අපනයනය කිරීමේදී කලින් අයකළ වැට් බදු නැවත ගෙවීම රජය නතර කිරීම නිසා ඇඟලුම් අපනයන ක්ෂේත්රයේ අර්බුද ගණනාවක් හටගෙන ඇතැයි ඒකාබද්ධ ඇගලුම් සංසද සම්මේලනය පවසයි.
රෙදි, නූල් ඇතුළු අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මෙතෙක් වැට් බදු අයකළ අතර ඒවා නිමි ඇඳුම් බවට පත්කර අපනයනය කිරීමේදී කලින් අයකළ වැට් බදු නැවත ගෙවීමට රජය කටයුතු කළ බවද ඒකාබද්ධ ඇඟලුම් සංසද සම්මේලනය කියයි.
එහෙත් අපනයනයේදී වැට් බදු නැවත ගෙවීම හදිසියේම නතර කිරීම නිසා අපනයන ක්ෂේත්රයේ පසුබෑමක් ඇතිවන අතර
එම තත්වය ව්‍යාපාරවලට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරන බවද එම සම්මේලනය සඳහන් කරයි.
අපනයන ක්ෂේත්රයට සෘජු බලපෑමක් ඇතිකරන මෙබදු තීරණ ගැනිමේදී ආණ්ඩුව අපනයනකරුවන් සමග ඵලදායී සංවාදයක් ඇතිකර ගත යුතුව තිබූ බවද එම සම්මේලනය කියයි.
Views: 0










