දෙවන පාසල් වාරය 24වනදා සිට ඇරඹේ

දෙවන පාසල් වාරය 24වනදා සිට ඇරඹේ

දෙවැනි පාසල් වාරය ලබන 24 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම වසරේ (2023) දෙවන පාසල් වාරය අදියර 02ක් යටතේ පැවැත්වෙන අතර පළමු අදියර අගෝස්තු 17 වැනිදායින් අවසන් වන බවත් දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු 28 වැනිදා සිට ඔක්තොම්බර් 27 වැනිදා දක්වා පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් 21 පැවැත්වෙන බවත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය ඔක්තෝම්බර් මස 15 වැනිදා පැවැත්වීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Facebook
Twitter
LinkedIn