CID, FCID ලොක්කන්ට උසස්වීම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න මහතා සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ජ්‍යේෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මූල්‍ය අපරාධ විමර්ශන පොලිස් කොට්ඨාශය පිහිටවනු ලැබූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුවය.

Facebook
Twitter
LinkedIn