“ඖෂධ නියාමන අධිකරිය තැපැල් කන්තෝරුවක් නෙමෙයි” – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

“ඖෂධ නියාමන අධිකරිය තැපැල් කන්තෝරුවක් නෙමෙයි” – විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි අනුගමනය කරමින් තිබෙන ක්‍රියාමාර්ග නිසා නිදහස් සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව මහජන විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතින අතර එයට මූලික හේතුව ජා.තික ඖෂධ නියාමන අධිකාරියේ වගකීම් විරහිතභාවය බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරයා ඖෂධ නියාමන අධිකරියේ කටයුතු සම්බන්ධයෙන් සාරාංශ කර දැක්වූයේ “ජාතික ඖෂධ නියාමන අධිකරිය සීල් එක ගහන තැපැල් කන්තෝරුවක් නෙමෙයි” යනුවෙනි. එසේ සාරාංශ කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු අනාවරණය කළේ එම අධිකාරියේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශයක් ය. “සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය දී තිබෙනවා නම් අපි ගෙන්වනවා.” යනුවෙන් තමන් ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව වගකීම බාර ගනිමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කරුණු හෙළි කළේය.

විශේෂඥ වෛද්‍යවරයා සමඟ අද (18) දෙරණ Big Focus සම්මුඛ සාකච්ඡාවේදී මෙම තොරතුරු හෙළිකරනු ලැබීය. විශේෂඥ වෛද්‍යවරුන් අනුමත නොකරන ඖෂධ මෙරට ලියාපදිංචි නොවූ සැපයුම්කරුවන්ගෙන් පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ලබා ගනිමින් සිටින බවද නිසි පිළියම් යෙදුයේ නම් ගත වූ එම කාලය තුළ ප්‍රමිතියෙන් යුත් ඖෂධ හිඟයකින් තොරව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පවා ලබා ගත හැකිව තිබූ බව පෙන්වා දුන්නේ ය.

Facebook
Twitter
LinkedIn