බොරු ප්‍රචාරය කළ මරික්කාර්ට එරෙහිව හරිනිගෙන් වරප්‍රසාද පැමිණිල්ලක්

බොරු ප්‍රචාරය කළ මරික්කාර්ට එරෙහිව හරිනිගෙන් වරප්‍රසාද පැමිණිල්ලක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරියට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙනයාම පිළිබඳව සජිත් පිලේ මන්ත්‍රී මරික්කාර්ට එරෙහිව මන්ත්‍රීවරිය විසින් තම වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කතානායක වෙත පැමිණිලි කර සිටියාය.

දේශීය ණය කපා හැරීම පිළිබඳ ආණ්ඩුව ඉදිරිපත් කළ සැලසුම විවාදයට ගැනීමෙන් පසුව ඡන්දය විමසන අවස්ථාවේ එයට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකර මග හැර ගිය බවට මන්ත්‍රී මාරික්කාර් මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කර තිබිණි. කතානායක වෙත අද පැමිණිලි කරනු ලැබූවේ පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම තුළින් තම මන්ත්‍රී වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙනි.

Facebook
Twitter
LinkedIn