ජෝර්ජියාවේ අගනුවරට බල පෑ දරුණු ගංවතුරත් සමග පැනගිය දරුණු සතුන් සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කරන අතර එසේ පැනගිය කෙටියකුගේ ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පැන ගිය සතුන් මෙල්ල කිරීමට නොහැකි වීමෙන් පාසැලක් අසල ගැවසුණු වෘක්කයින් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. පැන ගිය සතුන් කොපමණදැයි මෙතෙක් නිශ්චිත නොමැති අතර ගංවතුරට හසු වීමෙන් සතුන් රැසක් මිය ගොස් ඇති බවට සැකකරයි. මේ වනවිට කිඹුලන්, වලසුන් ඇතුළු සතුන් ප්රමාණයක් නැවත අල්ලා ගැනීමට හැකි වී තිබේ.
ආරක්ෂක අංශ හදිසි දුරකතන අංකයක් ක්රියාත්මක කර ඇති අතර පැන ගිය සතකු දුටු විගස දැනුම් දෙන ලෙසත්, නිවෙස්වලින් බැහැර නොයා ආරක්ෂිතව සිටින ලෙසත් නගරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ගංවතුරෙන් එරට අගනුවරට දැඩි අලාභහානි සිදු වී ඇති අතර මේ වනවිට ගංවතුර තත්වය පහව ගොස් තිබේ. සහන කටයුතුවලටද සතුන් පැනයාම දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. 









