රවීට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරයි

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 06 දින විවාද කිරීමටත් එදින සවස ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්වීමටත් ඊයේ (16) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්වූ පක්ෂ නායක රැස්වීමේදී තීරණය  කර තිබේ.

ජූලි මස 06 වැනි දින විවාදය පැවැත්වීමට දිනේෂ් ගුණවර්ධන හා වාසුදේව නානායක්කාර විරුද්ධ වී ඇති අතර සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ගෙන ආ යෝජනාවට අනෙකුත් පක්ෂ නායකයින් එකඟතාවය පළ කර තිබේ.

මෙම පක්ෂ නායක රැස්වීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂනායක රැස්‌වීම ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර ඊට සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර යන පිරිස සහභාගී වී තිබේ.

Facebook
Twitter
LinkedIn