පසුගිය 25 වෙනි දින රාත්‍රියේ සිට හිස්ව තිබෙන පොලිස්පති තනතුරු සඳහා අඩුම තරමේ සති දෙකක වැඩ බලන පොලිස්පතිවරයෙකු හෝ පත් කිරීමට ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.
ස්ථීර පොලිස්පතිවරයෙකු වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙකු හෝ පත් කළ නොහැකි නමුත් සති දෙකක කාලයක් සඳහා තාවකාලිකව හෝ පත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහට සමීප ඇමතිවරු පෙන්වා දී තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනතුරු දක්වා නැත.
0










