එළවළු මිලත් වේගයෙන් ඉහළට

එළවළු මිලත් වේගයෙන් ඉහළට

මේ වනවිට බොහෝ එළවළු වර්ගවල මිල ඉහළ ගොස් තිබෙන අතර සමහර ප්‍රදේශවල මාළු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 700 දක්වාත් අමුමිරිස් කිලෝවක මිල රුපියල් 500 දක්වාත් ඉහළ ගොස් තිබේ.

එළවළු හා මිරිස් මිල ඉහළ යෑමේ ප්‍රධාන හේතුව වන්නේ මැනිං වෙළෙඳ පොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු හා මිරිස් තොග අඩු වීම බවද සීමාසහිත සමස්ත ලංකා එකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

පසුගිය දිනවල බොහෝ ප්‍රදේශවලට ඇතිවූ අධික වැසි තත්වය නිසා වගා විනාශවී ගොස් තිබෙන බවත් මේ නිසා එළවළු හා මිරිස් මිල සමාන්‍ය තත්වයට පත්වීමට මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි බවත් එමසංගමයේ ජාතික සංවිධායක එච්.එම් උපසේන පවසයි.

ඊයේ (29) මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 450ත් රුපියල් 500ත් අතර ඇති අතර අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 350ත් රුපියල් 400ත් අතර වී තිබේ. තාක්කාලි හා ගෝවා කිලෝවක මිල රුපියල් 250 ඉක්මවා ගොස් ඇති අතර කැරට් හා ලීක්ස් කිලෝවක මිල රුලියල් 200ත් රුපියල් 220ත් අතර තිබූ බවද ඔහු පවසයි.

සිල්ලර මිල සැලකීමේදී සමහර ප්‍රදේශවල බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 460ත් රුපියල් 520ත් අතරද, ගෝවා හා බිට් රූට් කිලෝවක් රුපියල් 450ත් රුපියල් 500ත් අතරද, කැරට් හා ලීක්ස් කිලෝවක මිල රුපියල් 400 ඉක්මවාද තිබූ අතර එළබටු හා තිබ්බටු කිලෝවක මිල රුපියල් 550ත් රුපියල් 600ත් අතර අතර විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්