උසස් පෙළ ඇගයීම් යළි අර්බුදයක…

උසස් පෙළ ඇගයීම් යළි අර්බුදයක…

උසස් පෙළ ඇගයීම් සඳහා සහභාගී වන ගුරුවරුන්ට ඇගයීම් ආරම්භක දිනෙන් දින පහකට පසු ගෙවනු ලබන රුපියල් පහළොස් දහසක අත්තිකාරම් දීමනාව නොගෙවීම හේතුවෙන් කුරුණෑගල රාජකීය විදුහල ඇතුළු මධ්‍යස්ථාන ගණනාවක ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ.

විභාග දෙපාර්තමේන්තුවේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව හා නිසි වැඩ පිළිවෙළක් සකස් නොකිරීම නිසා මේ තත්වය මතු වී ඇති බවත් මෙයාකාරයට ඇගයීම් අර්බුදයකට ලක් කිරීම පිළිබඳව වර්ථමාන ආණ්ඩුවත් අධ්‍යාපන අමාත්‍යාංශයත් විභාග දෙපාර්තමේන්තුවත් සම්පූර්ණ වගකීම භාරගත යුතු බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි.

අනවශ්‍ය වියදම් විශාල ලෙස කරනු ලබන මේ ආණ්ඩුව දරුවන්ගේ අනාගතය තීරණාත්මක සන්ධිස්ථානයක් වන උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් සඳහා මේ ආකාරයට කුඩම්මාගේ සැලකිලි දැක්වීම තුළ රාජ්‍ය අධ්‍යාපනය විනාශ කර දැමීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණකාරී උවමනාව තවදුරටත් තහවුරු වන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්