විශ්‍රාම වැටුප් කොල්ලයට එරෙහිව රොෂේන් චානක දිවි පුදා වසර හතරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සේවක අර්ථසාධක අරමුදල (EPF) කොල්ලාකෑමට ගනු ලැබූ උත්සාහයට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් 2011 මැයි 30 වන දින පැවැති විරෝධතාවයේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන් චානක මහතාගේ සිව්නව සමරුව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (30) දින සවස 4.30 කටුනායක ඇවරියවත්ත මංසන්දියේ දී පැවැත් විය.

එහිදී රැස්ව සිටී පිරිස ඇමතූ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා

”මේ රටේ හැටපන් ලක්‍ෂයක් වන පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධක අරමුදල කොල්ලකෑමට කටයුතු කළ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එරෙහිව අරගල කරමින් පෞද්ගලික අංශ සේවකයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා කළ සටනේදී රාජපක්ෂ කුලී හේවායන්ගේ වෙඩි පහරින් රෝෂේන් චානක සොයාරා ඝාතනය කරලා අදට ( මැයි 30 ) වසර හතරක් ගතවෙලා තියෙනවා.  එහෙත් ඔහුගේ ඝාතනයට මේ වනතෙක්  සාධාරණයක් ඉටුකරන්නවත් වරදකරුවන්ට දඬුවම් ලබා දෙන්නවත් අසමත් වෙලා තියෙනවා. ඒ වෙනුවට සිදු වුණේ වගකීම භාරගෙන ඉල්ලා අස් වූ පොලිස්පතිවරයාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තානාපති ධූරයක් ලබා දීලා විදෙස් ගතකරපු එක.

මෙම ඝාතනයට එරෙහිව නැගුණු විරෝධතාවය හමු
වේ රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කමිටුවක් පත් කළා. ඒ පත්කරපු මහානාම කමිටු වාර්ථාව මෙතෙක් රටේ ජනතාව ඉදිරිපත් කරන්න අසමත් වෙලා තියෙනවා. එහෙම නැතිනම් ඒ වාර්තාව සැඟවීමට උත්සාහ කරනවා. අපි කියන්නේ  රොෂේන් චානක සහෝදරයාගේ ඝාතනය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා ඔහුට සාධාරණය ඉටු කරන්න ආණ්ඩුව ක්‍රියා කළ යුතුයි කියලා. රොෂේන් චානක සොයුරා සාධාරණය ඉටුවන තෙක් මේ අරගලය කිසිලෙසකින්වත් අන්තර් සමාගම් සේවක සංගමය අත් නොහරින බව ප්‍රකාශ  කළ යුතුයි.

මහින්ද රාජපක්‍ෂ පත් කළ මහානාම කමිටු වාර්තවේ තිබුණෙ මොනවාද වරදකරුවන් කවුද? වෙඩි තබන්න අණ දුන්නේ කව්ද? ඒ මිලේච්ඡ පොලිස් ප‍්‍රහාරයෙන් මගේ දරුවා මියැදුනේ ඇයි කියා ඒ අම්මා තාත්තා පවා අදට දන්නෙත් නැහැ.   රොෂේන් චානක ඇතුළු  එදා ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප පරදා අර්ථසාධක අරමුදල රැක ගැනීමට සටන් කළ  තුවාල ලැබූ පහර කෑමට ලක්වූ පිරිස නොහිටියා නම්  අද පෞද්ගලික අංශයේ සේවකයින්ට අරමුදලෙන් 1/3 ක් මේ වෙනකොට අහිමි වෙලා.  එය රැකගැනීමට හැකි වුයේ ඔහු දිවිපුදා සිදු කළ සටන නිසා. දැන් අපේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඔහු ජිවිතය පරිත්‍යාග කළා කියලා නොදන්නා විශාල පිරිසක් ඉන්නවා.  ඔවුන්ට එම පණිවිඩය ගෙනයෑමේ අරමුණින් මෙලෙස මැයි මස 30 වන දින එකතු වි ඔහුට මලක් පුදා පහනක් දල්වා අචාර කරන එකතු විය යුතුයි. ඒ පණිවිඩය රැගෙන ගොස් වැඩබිම් දැනුවත් කිරීම තමයි අපගේ යුතුකම වන්නේ.

එසේම ඒ  සිදුවීමේ දී තුවාල ලැබූ සියලූ දෙනාට සහ දේපල හානි සිදු වු සියලූ දෙනාට වන්දි ලබා දිය යුතුයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරමින් අපි මීට මාස දෙකකට පෙර ඔහුට ලිපියක් යැව්වා. අඩුම තරමින් ඒ පිළිබඳව දැනුම්දීමක්වත් මේ වනතෙක් ලැබිලා නැහැ. ජනාධිපතිවරයා මහානාම කමිටු වාර්තාව පරික්‍ෂා කර බලා නැතිනම් නව කමිටුවක් පත් කර හෝ රෝෂේන් චානකට සාධාරණය ඉටුකළ යුතුයි. එසේම  මහින්ද රාජපක්‍ෂ පෞද්ගලික අංශයේ සේවකයා වෙනුවෙන් ගෙන ඒමට තැත් කළ ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප වෙනුවට පුද්ගලික අංශයේ සේවකයන්ට ජීවත් විය හැකි විශ‍්‍රාම වැටුපක් ලබා ගැනීමට වහා මැදිහත් විය යුතුයි. ඒ තමයි රෝෂේන් චානක සොයුරාට දිය හැකි උපරිම ආචාරය.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් විශාල පිරිසක් හා රොෂේන චානක මහතා සේවය කළ වත්තල අක්වා පැකෙජ් ආයතනයේ ආයතනයේ සේවකයින් විශාල පිරිසක් එක් වී සිටියහ. 

Facebook
Twitter
LinkedIn