ශ්‍රී ලංකා රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ සිය මතය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා බැංකු සංගමය මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන්, බැංකු අංශයේ ප්‍රාග්ධනයට සහ ද්‍රවශීලතාවට ඇති වියහැකි බලපෑම හඳුනාගැනීම සහ ක්ෂේත්‍රයට ඇති වියහැකි අවදානම අවම කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
බැංකුවල ස්ථාවරත්වයට ගැටලු ඇතිවන සහ ජනතාවගේ විශ්වාසය පළුදුවන ආකාරයේ පියවර මගින් මෙම තත්වය නරක අතට හැරීමට ඉඩ නොතැබිය යුතු බවද ශ්‍රී ලංකා බැංකු සංගමය වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කරයි.



2










