ජනක රත්නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

ජනක රත්නායකගෙන් විශේෂ හෙළිදරව්වක්

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක සිදු කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ විදුලිබල හා බලශක්ති ඇමතිගේ නිර්දේශ මත පත් කළ කමිටුවක් විසින් ලංකා විදුලිබල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත්, සමාගම් 14කට පැවරීම සඳහා යෝජනාවලියක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇති බවය.

අදාළ යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි, ලක්ෂපාන, උමා ඔය ඇතුලු සියලුම ජල විදුලි බලාගාර සහ සෙසු බලාගාර වෙන් වෙන් වූ සමාගම්වලට පැවරීම හරහා ජාතික බලශක්ති සුරක්ෂිතතාවය, සමාගම් පාලනයට නතුවන බව ඔහු අවධාරණය කරයි.

ඔහු සඳහන් කරන පරිදි ඊට අමතරව ජල බලාගාර අයත් සමාගම්වල ප්‍රමුඛතාවය අනුව බලාගාරවලට ජලය සපයන ගංගා හා ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදන මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම්වලටද අභියෝගයක් එල්ල වනු ඇති බවය. නොරෝච්චෝලෙ බලාගාරයද වෙනත් සමාගමකට පැවරීමටත් ලංකා විදුලිබල මණ්ඩල සේවක අර්ථ සාධක අරමුදල් පාලන බලතලද සමාගමකට පැවරෙන බවත් සඳහන් කරන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක, මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළහොත් අනාගතයේදී බෙදා වෙන් කරන සමාගම් පුද්ගලීකරණය කිරීමෙන් මෙරට බලශක්ති සුරක්ෂිතතාවය අනතුරුදායක තත්වයකට ඇද වැටෙන බවද පෙන්වාදෙයි.

Facebook
Twitter
LinkedIn