ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වාගෙන යන “ජයවිරු” ලොතරැයියේ ආදායම රණවිරු සේවා අධිකාරියට යොමු කිරීමේදී සහ “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුදල් යෙදවීම කිසිදු විනිවිධ භාවයකින් තොරව සිදුවී ඇති බව වාර්තාවේ. රණවිරු සේවා අධිකාරිය සහ “අපි වෙනුවෙන් අපි” අරමුදල හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ඍජු අධීක්ෂණය යටතේ පැවැතියේය.
2008 වසරේදී ජයවිරු ලොතරැයියෙන් ලද ආදායම් රණවිරු සේවා අධිකාරියට නිසි පරිදි යොමු නොකර ආණ්ඩුව විසින් වංචනික ලෙස පරිහරණය කර ඇති බව විගණකාධිපති වාර්තාවෙන් හෙළිකර තිබිණ. එමෙන්ම රණවිරු සේවා අධිකාරිය විසින් ආබාධිත සෙබළුන්ගේ සුබසාධනය සහ මූලික පහසුකම් සැපයීම සඳහා ලබාදෙන ලද මුදල් ලාභ ඉපයීමේ චේතනාවෙන් භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබූ බවද විගණකාධිපති වාර්තාවෙන් හෙළිකර තිබිණ. රුපියල් එකොලොස් කෝටි දහහත් ලක්ෂ අනූ දෙදහස් දෙසිය අනූ හතක (රු 111,792,297) මුදලක් 2008 වසරේදී භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර තිබිණ.
මෙවැනි ලාභ අපේක්ෂාවෙන් කළ ආයෝජන සහ “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුදල් දිගින් දිගටම පරිහරණය කළ ආකාරය පිළිබඳ ගැටලු රැසක් පවතින බව හෙළිවේ. විශේෂයෙන්ම ලාභ අපේක්ෂාවෙන් කරන ලද ආයෝජනවල ප්රතිලාභ ලැබීම පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව වාර්තාවේ.
ආශ්රිත පුවත්
අපි වෙනුවෙන් අපි අරමුදලට රු. බි.400ක් ලැබුනා – දිනේෂ් ගුනවර්ධන
“අපි වෙනුවෙන් අපි” අරමුදල අනතුරේ!
අපි වෙනුවෙන් අපි සල්ලිවලටත් විදියි









