මහින්දගේ අගමැති සිහිනය ශ්‍රීලනිපයම බිඳ දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට දැරූ සියලු උත්සාහයන් මේ වනවිට බිඳ වැටී එම පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක චමල් රාජපක්ෂ මහතාට අගමැති ධූර අපේක්ෂකත්වය ලබා දීමට එකඟ වී ඇති බව වාර්තා වේ. ඒ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළදී අවසන් තීරණයක් ගැනීමට පක්ෂයේ සභාපති වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානමින් සිටින බව ශ්‍රීලනිපයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා තමන් වෙත යළිත් බලය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙකඩ කිරීමට උත්සාහ කිරීමත් රටතුළ නැවත වතාවක් ජාතිවාදය අවුළුවාලන ප්‍රකාශ සිදු කරමින් එම කණ්ඩායම් නඩත්තු කිරීමත් එම පක්ෂයේ බහුතරයක් අනුමත නොකරන බව වාර්තා වේ. විමල් වීරවංස, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා දිනේෂ් ගුණවර්ධන යොදා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රහාර එල්ල කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් වෙනම පෙරමුණක් ගොඩ නැගීමට දැරූ උත්සාහයද බිඳවැටෙමින් තිබෙන බව හෙළිවේ.

Facebook
Twitter
LinkedIn