රජරට සරසවියේ සිසුන්ට අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ලාබා නොදීමට එරෙහිව පාලනාධිකාරිය විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් ඊයේ (18) දිනයේ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වී තිබේ.
සිසුන් විරෝධතාවයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ රජරට විශ්වවිද්‍යාලය ආරම්භක කාලවකවානුවේ පටන් නේවාසිකාගාර පහසුකම් පිළිබඳව පැවතියේ ගැටලුකාරී තත්වයක් බවත් නේවාසික විශ්වවිද්‍යාලයක් ලෙස රජරට විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇති නමුත් අභ්‍යන්තර නේවාසිකාගාර නොමැතිවීම දීර්ඝ කාලයක සිට විශාල ප්රශ්නයක්ව පවතින බවත් සිසුන් අරගල කර දිනාගත් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තිබෙන පොලිස් නිවාස මේ වනතෙක් පවරා ගැනීමට කටයුතු කර නොමැති බවය.
ඊට එරෙහිව පාලනාධිකාරයට විරෝධය දක්වමින් රජරට සරසවියේ සිසුන් ඊයේ දිනයේදී විරෝධතා පා ගමනක් හා විරෝධතා පෙත්සමකට අත්සන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ සිසුන් මුහුණ පා සිටින නේවාසිකාගාර ප්රශ්නය ඇතුළු ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දීමට මැදිහත් වන ලෙසය.











