ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්) පන්දුවාර විස්සයි 20 තරඟාවලියේ පළමු වටයේ තරග අවසානයේ අවසන් සිව්දෙනාගේ වටයට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව පළමු වටයේ තරග 56ක් අවසානයේ චෙන්නායි කණ්ඩායම ප්‍රසාද ලකුණු 18ක් සමඟින් පළමු ස්ථානයත්, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් ලබාගනිමින් දෙවන ස්ථානයටත්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු 16ක් සමඟන් තෙවන ස්ථානයත්, රාජස්ථාන් රෝයල් කණ්ඩායමද ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමින් සිව්වන ස්ථානයටත් පත්ව තිබේ.
අවසන් සිව් දෙනාගේ වටයේ තරඟ ඉතා තියුණු මට්ටමකට පත්වීමේ ලකුණු දක්නට ලැබෙන බව අයි.පී.එල්. ක්‍රීඩා විචාරකයින් පෙන්වා දේ. අවසන් සිව් දෙනාගේ වටයේ ක්‍රීඩා කරන එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා වන්නේ වේගපන්දු යවන ලසිත් මාලිංග පමණි.
ඒ අනුව අවසන් සිව් දෙනාගේ වටයේ පළමු තරගය අද (19) රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.









