ඊජිප්තු හිටපු ජනාධිපතිට මරණ දඬුවම නියම වෙයි

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරට අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළා. ඒ ඔහු ජනාධිපතිවරයාව සිටි 2012 වසරේ ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින්. විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මස 21 වැනිදා හිටපු ජනාධිපතිවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කෙරුණු බවයි. එහිදී මුස්ලිම් සහෝදරත්වය නියෝජනය කරන ආධාරකරුවන් 20 දෙනෙකුට ද අධිකරණය මරණ දඩුවම නියම කළා. විපක්ෂයේ විරෝධතා උත්සන්න වීමත් සමග ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහකෙරුණේ 2013 වසරේදීයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඩ් මොර්සිට අද (16) එරට අධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. 2012 වසරේ ඇති වූ ආණ්ඩු විරෝධී ගැටුම්වලදී සිදුකළ පුද්ගල ඝාතන සම්බන්ධයෙන් මෙම මරණ දඬුවම ලබා දීමට එරට අධිකරණය නියෝග කර තිබේ.

ඊජිප්තුවේ සිටි ඒකාධිපති පාලක හොස්නි මුබාරක් බලයෙන් පහකිරීමෙන් අනතුරුව පැවැති මැතිවරණයෙන් බලයට පත්වූ මොර්සිට එරෙහිව 2012 වසරේදී ජනතා උද්ඝෝෂණ ආරම්භ වූ අතර එම උද්ඝෝෂණ දැඩි ලෙස මර්ධනය කිරීමට මොර්සි කටයුතු කළේය. ඔහු නියෝජනය කරනු ලැබූ මුස්ලිම් සහෝදරත්වයේ සංවිධානය මුලිකත්වයෙන් මෙම ගැටුම්වලදී පුද්ගල ඝාතන සිදු කර තිබේ. එම තත්වය හමුවේ මොර්සි 2013 වසරේදී බලයෙන් පහ කරනු ලැබීය.

මුස්ලිම් සහෝදරත්වයේ සංවිධානයේ සාමාජිකයින් 20 දෙනෙකුටද මොර්සිට අමතරව මරණ දඬුවම නියම කර තිබේ. කෙසේ වෙතත් මරණ දඬුවම ක්‍රියාත්මක වීම සඳහා එරට ඉහළ ආගමික නායකත්වයේ අනුමැතිය ලැබිය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn