අල්ලස් කොමිසමේ සාමාජිකයකු ඉල්ලා අස්වේ

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු කීර්ති විමලචන්ද්‍ර මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහා කොමිසමේ ලේකම්ට බාර දී ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකු සිටින අතර ඉන් එක් සාමාජිකයකු ඉල්ලා අස් වුවහොත් කොමිසම ඉබේම අක්‍රීය වන බව පැවසේ. එසේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කතානායකවරයාගේ අත්සන (16) ලැබීමෙන් පසු එය නීතියක් බවට පත් වන අතර කොමිෂන් සභා අලුතින් පත්විය යුතුවේ. ඒ අනුව අල්ලස් කොමිසමේ හා පොලිස් කොමිසමේ කාලයද මේ අනුව අවසන් වන බව පැවසේ.

 

Facebook
Twitter
LinkedIn