ජනතා විමුක්ති පෙරමුණේ කුවේට් කමිටුව සංවිදානය කර තිබූ සම්මන්ත්රණ ඇමතීම සඳහා එම කමිටුවේ ආරාධනාවකට අනුව එහි සංචාරයක නිරත ජවිපෙ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පසුගය 10වනදා කුවේට් හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්රී ලාංකියන් හමු වී ඔවුන්ගේ ප්රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ඉන් අනතුරුව එහි තානාපති නිලධාරීන් සමගද එම රැඳවියන්ගේ ප්රශ්න පිළිබඳ සාකච්ඡා කර තිබේ.
එහිදී විජිත හේරත් මහතා රැඳවියන් හමුවේ පවසා ඇත්තේ ශ්රී ලංකාවට පැමිණි වහාම සිය ප්රශ්න සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරවීමට කටයුතු කරන බවය.
කුවේට් හි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ රැඳවුම් කඳවුරුවල කාන්තාවන් 314ක පමණ ප්රමාණයකුත් තවත් පිරිමි රැඳවියන් පිරිසකුත් සිටින බව විජිත හේරත් මහතා පවසයි.











කඳවුර තුළ සිදුකළ සාකච්ඡාවේ අවස්ථා



ක්රවුන් ප්ලාසා නම් හෝටලයේ ශ්රී ලාංකික සේවකයන් සමග සාකච්ඡාවක



තවත් ශ්රී ලාංකිකයන් පිරිසක් සමග සාකච්ඡාවක නිරතවෙමින්









