ශ්‍රේෂ්ඨාධිකරණය වංගුව දිගහරියි – මුදල් ඇමතිට, මුදල් ලේකම්ට තහනම් නියෝගයක්

ශ්‍රේෂ්ඨාධිකරණය වංගුව දිගහරියි – මුදල් ඇමතිට, මුදල් ලේකම්ට තහනම් නියෝගයක්

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින්ද අතුරු තහනමක් නිකුත් කර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

Facebook
Twitter
LinkedIn