මහ බැංකු බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට අභියාචනාධිකරණය අද (28) තීරණය කර තිබේ.
ඒ අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැලූ, 2016 මාර්තු මස 29 සහ 31 වැනිදා පැවති රජයේ බැදුම්කර නිකුතුවකදී රජයට පාඩු සිදුකරන ලදැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසකට එරෙහිව නීතීපතිවරයා පවරන ලද නඩුවට අදාල රවී කරුණානායකගේ රීට් පෙත්සම සළකා බලමිණි.
නීතීපතිවරයා තමන්ට එරෙහිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට හැකියාවක් නැතැයි සඳහන් කරමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක විසින් ඉදිරිපත් කළ පෙත්සම පිළිගැනීමෙන් අනතුරුව එලෙස තීරණය කළ අභියාචනාධිකරණය මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට රිට් ආඥාවක්ද නිකුත් කර ඇත.









