මාලිමාවේ නායකයින් මැතිවරණ කොමිසමට

මාලිමාවේ නායකයින් මැතිවරණ කොමිසමට

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබඳව සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නීතීඤ සුනිල් වටගල ඇතුළු පිරිසක් අද (28) පෙරවරුවේ මැතිවරණ කොමිසමට ගොස් තිබේ.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සහ නැවත දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ කවදාද යන මෙන්ම මැතිවරණය කල් දැමීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳව කොමිසම ගන්නා තීරණය කුමක්ද යන්න විමසීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය.

Facebook
Twitter
LinkedIn