මාලිමාවේ විරෝධතාව අතරතුර පොලිස් ප්‍රහාරයට ලක්වූ දෙදෙනෙකුට අසාධ්‍යයි

මාලිමාවේ විරෝධතාව අතරතුර පොලිස් ප්‍රහාරයට ලක්වූ දෙදෙනෙකුට අසාධ්‍යයි

ජාතික ජන බලවේගය ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී කැරලි මර්දන පොලිසිය යොදවා සිදු කළ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වේ.

මේ වනවිට ඔහුව් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මේ අතර මේ වනවිට සිද්ධියෙන් තුවාල ලැබූ 28 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටිති.

ඊයේ පස්වරුවේ ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය අවස්ථා දෙකකදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.

මෙම විරෝධතා පාගමන පැවැත්වුයේ, විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමිනි.

Facebook
Twitter
LinkedIn