ජපානයේ සහ නිව්ගිනියාවේ නව භූ කම්පන දෙකක් වාර්ථා වෙයි

ජපානයේ සහ නිව්ගිනියාවේ නව භූ කම්පන දෙකක් වාර්ථා වෙයි

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම භූමිකම්පාව හොකයිඩෝහි නෙමුරෝ අර්ධද්වීපයට ආසන්න මුහුදේ කිලෝමීටර් 61ක් (සැතපුම් 38) ගැඹුරින් සිදු වී ඇති බව ය.ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 10:27ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ය.

මෙම භූමිකම්පාව ඊසානදිග ජපානය සහ නැගෙනහිර ජපානය ඇතුළු පුළුල් ප්‍රදේශ රැසකට දැනී ඇතැයිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn