හිටපු නියෝජ්‍ය ඇමති සරණට අධි චෝදනා – ඇප මත මුදාහරියි

හිටපු නියෝජ්‍ය ඇමති සරණට අධි චෝදනා – ඇප මත මුදාහරියි

ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන තුනක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර ඇත.

ඒ අනුව සරණ ගුණවර්ධන මහතා රුපියල් 30,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නියෝග කර තිබේ.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩුව මාර්තු 23 වනදා කැඳවන ලෙසත් කොළඹ මහාධිකරණය නියම කර ඇත.

පසුගිය 2006 අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් එහි වාහන තුනක් අවභාවිතා කිරීම තුළින් රුපියල් තිස්පන්ලක්ෂ දහදාහක (රු. 3,510,000) මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Facebook
Twitter
LinkedIn