පාළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වනවිට පවතින තත්වය හමුවේ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව අනාවරණය වේ.
මේ බව අනාවරණය වූයේ, බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණෙ ප්‍රධාන කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
මාධ්‍ය හමුව අමතිමින් සිටි නීතීඥ ජේ.එම් විජේබණ්ඩාර, ජංගම දුරකතනයකට පැමිණි ප්‍රවෘතියක් පිළිබඳව අවාධානය යොමුකරමින් මේ බව අනාවරණය කර සිටියේය.
පසුගියදා මැතිවරණ කොමිසම අධිකරණය හමුවේ පොරොන්දුවක් ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ නියමිත පරිදි මාර්තු 09 වෙනිදාට මැතිවරණය පවත්වන බවය.
Views: 0










