මහින්ද රාජපක්ෂ පාලනය පැවති 2012 වසරේ මැයි මස පළමු වනදා සහ එම මස තිස් වනදා අතර කාලසීමාව තුළ ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථනය සඳහා රුපියල් දෙලක්ෂ තිස් දහසකට (රු. 232,000) ආසන්න මුදලක ඇමතුම් බිලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවිම තුළින් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වනදා කැඳන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
එම නඩුව අද (09) කැඳවූ අවස්ථාවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි ඇත.
එහිදී විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය විසින් රාජ්‍ය ආයතන කිහිපයකට නොතීසි නිකුත් කර තිබේ.










