පෙබරවාරි 14 වැනි දින සීගිරි කැටපත් පවුරේ කුරුටු ගීවලට කොණ්ඩා කටුවකින් හානි සිදු කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම වී සිටි මඩකලපුවේ සින්නතම්බි උදය ශ්‍රී තරුණිය අද (30) බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.
රටේ ජනතා දේපල මහා පරිමාණයෙන් කොල්ලකෑ පිරිස් නිරුපද්‍රිතව සිටීමත් මෙවැනි සුළු වරදකට බරපතල සිර දඬුවමක් ලබා දීමටත් එරෙහිව සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඇයගේ දෙමාපියන් හා ඥාතීන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන්ද ඇය නිදහස් කරන ලෙසට ආණ්ඩුවට බලපෑම් සිදු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා මැදිහත් වී පසුගිය අප්‍රේල් 02 දින ජනාධිපති සමාව ඇයට ලබා දීමට කටයුතු කළේය. එහෙත් එම නියෝගය ලිඛිතව නොලැබීම හේතුවෙන් ඇයට අනුරාධපුර බන්ධනාගාරයේ රැදී සිටීමට සිදු වී තිබිණි.
Views: 0









