ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේදී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්රශ්නකාරී ලෙස ඊට සෘජුවම සම්බන්ධ වීයැයි මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (29) ප්‍රකාශ කර තිබේ.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාගේ පැමිණිල්ලක් අනුව එම පරීක්ෂණය ඇරැඹූ බවද 1980දී හා 1983දී නිශ්පාදිත මෙම මිග් යානා ඉහළ මිලකට ගැනීමේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුවීයැයි ඔහු ලිපි පෙළක්ම ලියා තිබූ බවද පොලිසිය අධිකරණයට දැනුම්දී ඇත.
2006 වසරේ දී මිග් ප්‍රහාරක යානා 7ක් මිලට ගැනීමේ වංචාවක් සිදුවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවත් වාර්තාවක් අද උසාවියට ඉදිරිපත් කර තිබේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වීරතුංග එම මුදල් “ශ්‍රී ලංකන් ලිමිටට් ලයබිලිටි” නම් සමාගමක ආයෝජනය කළේ දැයි පරීක්ෂණ පවත්වන බව බවද පොලිසිය අධිකරණයට දන්වා ඇති අතර එම සමාගමේ බැංකු ගිනුම් තහනම් කරන ලෙස කොළඹ පෞද්ගලික බැංකුවකට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.











