ශෂීන්ද්‍රත් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ වනවිට ඌව පළාත් හිටපු මහ ඇමතිවරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

2013 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබූ සුඛෝපභෝගී බස් රථ දෙකක් අවභාවිතාවේ යෙදවීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වීමෙන් දින කිහිපයකට පසුව බත්තරමුල්ල සෙත්සිරිපාය භූමියේ විදේශ කටයුතු අමාත්‍යංශය පරිශ්‍රයට ගෙනැවිත් දමා තිබිණි. එම බස් රථයක් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය පවුලේ සාමාජිකයින් සමග විනෝද ගමන් සඳහා යොදාගෙන තිබූ අයුරු දැක්වෙන ඡායාරූප මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්විය.

මෙම සැප බස් රත තුළ මුළුතැන්ගෙය, නාන කාමරයක්, නිදන ඇඳන්, සෝෆා, විදුලි පංකා, වායු සමීකරණ, හා ශීතකරණ සහිත සුඛෝපභෝගී මන්දිරයක තත්වයේ පවතින අතර එක් බස් රථයක වටිනාකම කෝටි 25ක් පමණ යැයිද හෙළ වේ.

Facebook
Twitter
LinkedIn