මාලදිවයිනේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ඇමති මොහොමඩ් නෂීම්ගේ උපදේශකයකු වශයෙන් ඇවන් ගාර්ඩ් නීති විරෝධී පාවෙන අවි ගබඩාවෙහි හිමිකරු ලෙස කටයුතු කළ මේජර් නිශ්ශංක සේනාධිපති කටයුතු කර ඇති බව හෙළි වේ.
නීති විරෝධීව අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මොහුට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වී ඇති අතර මොහු විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයකින් මාලදිවයින් ආරක්ෂක ඇමතිගේ උපදේශකයකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරු අනුව නිශ්ශංක සේනාධිපති 2012 වසරේ අගෝස්තු මස 20 වැනි දින සිට මාලදිවයින් ආරක්ෂක ඇමතිවරයාට ආරක්ෂක උපදෙස් ලබා දී තිබේ. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා මත මේ වනවිට එරට ආරක්ෂක ඇමති නිවාස අඩස්සියේ පසුවේ.
නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන නැව්වලට සැපයූ ආරක්ෂාව ඇවන් ගාර්ඩ් සමාගම සම්පූර්ණයෙන් අත්පත් කරගත් අතර ඒ හරහා රුපියල් කෝටි 4000 කට අධික මුදලක් වාර්ෂිකව උපයා ඇති බව අනාවරණය වේ. නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ මෙම අවි ගබඩා පිළිබඳව නිශ්ශංක සේනාධිපතිට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන අතර එම චෝදනාවලින් නිදහස් වීමටත් ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමටත් රුපියල් දශ ලක්ෂ ගණන් වැයකරමින් සති අන්ත පුවත්පත්වල සම්පූර්ණ වර්ණ පිටු දෙකක් වෙන් කර දැන්වීම් පළ කරමින් සිටී.









