ප්‍රංශයේ ගුවන් ගමන් පාලකවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදු වී ඇති බව වාර්තා වේ. මෙයින් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ අභ්‍යන්තර හා කෙටි ගුවන් ගමන් වාර සඳහා බව පැවසේ.
සේවා ගැටලු රැසක් හා විශ්‍රාම යෑමේ වයස් සීමාව 59ක් දක්වා දීර්ඝ කිරීමට එරෙහිව දින දෙකක වැඩ වර්ජනය ආරම්භ කර ඇති අතර විසඳුම් නොලැබේ නම් ඉදිරි 16, 18 යන දෙදින තුළ නැවතත් වැඩවර්ජනයකට යන බවට අනතුරු අඟවා තිබේ.
වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ (08) දිනයේදී ගුවන් ගමන් වාර 250කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට තමන්ට සිදු වූ බව රයන් එයාර් ගුවන් සමාගම ප්‍රකාශ කර තිබේ.
Views: 0









