2500 ඉල්ලා පෞද්ගලික අංශය මහ පාරට

අතුරු අයවැය මගින් යෝජනා කර ඇති රුපියල් 2500.00 වැටුප් වැඩි වීම පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ලබාදෙන ලෙස බලකරමින් ඊයේ (07) දින පෞද්ගලික අංශයේ ප්‍රධාන ආයතන රැසක් ඉදිරිපිට අන්තර් සමාගම් සේවක සංගමය නායකත්වයෙන් විරෝධතා පවත්වා තිබේ.

කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු දිස්ත‍්‍රික්ක ගණනාවක ආයත රැසක සේවකයින් තම දිවා කෑම පැයේදී ආයතනය ඉදිරිපිටට පැමිණ මෙසේ විරෝධතාවයට එක් වී තිබේ. ප්‍රධාන විරෝධතාවය නාවල පේන්ට් ඇන්ඩ් ජෙනරල් ආයතනය ඉදිරිපිට පැවති අතර ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී මහතාද සහභාගී වී තිබේ.

විරෝධතාවය අතර තුරදී ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ යහපාලන ආණ්ඩුව මගින් පෞද්ගලික අංශයේ සේවක වැටුප් රු. 2500/= කින් වැඩිකිරීම සඳහා ගෙනෙන ලද යෝජනා නීතියක් බවට කඩිනමින් පත් කළ යුතු බවත් ආණ්ඩුව ඒ සඳහා සූදානම් නොවන්නේ නම් සියළු වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ඉදිරියේදී පුද්ගලික අංශයේ දැවැන්ත අරගලයක් කැඳවීමට අන්තර් සමාගම් සේවක සංගමය නායකත්වය ගන්නා බවය.

Facebook
Twitter
LinkedIn