පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගත යුතු බවට බස්නාහිර පළාත් සභාවේදී ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අද (07) ඒකමතිකව සම්මත වී තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මන්ත්‍රීවරයාය.
මහින්ද රාජපක්ෂ පාලනය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක් කරන ලද 18 වැනි සංශෝධනය අහෝසි කරමින් අත්තනෝමතික විධායක ජනාධිපති බලය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් ස්ථාපනය කිරීම සඳහා 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කරගත යුතු යැයි පළාත් සභාවට ඉදිරිපත් කර තිබූ යෝජනාවේ සඳහන් කර තිබිණ.
මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියළුම දෙනා ඒකමතිකව අනුමැතිය ලබා දීම විශේෂත්වයක්ය.
Views: 0









