පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවැති හොඳම පන්දු යැවීම සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ චානක වෙලගෙදර ඊයේ (05) සමත් වී තිබේ.
එස්.එස්.සී.ක්‍රීඩා සමාජය සමඟ ඊයේ පැවති තරඟයකදී ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු පන්දුවාර 4කදී ප්‍රතිවාදී ක්‍රීඩකයින්ට ලකුණු 2ක් පමණක් ලබාදෙමින් කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ දකුණු අප්‍රිකා ක්‍රීඩක ක්‍රිස් මොරිස් ය.
පසුගිය කාලයේ විවිධ හේතුන් මත චානක වෙලගෙදරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමි වූ අතර ටෙස්ට් තරග සදහා පමණක් යොදවා ගනු ලැබීය. කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක වේග පන්දු යවන්නා ලෙසද ඔහු කටයුතු කළේය.
Views: 0









