ජනතා විමුක්ති පෙරමුණේ 44 වැනි අප්‍රේල් විරු සමරුව ඊයේ (05) දිනයේදී එම පක්ෂයේ නායක අනුර දිසානායක, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, විජිත හේරත්, සෝමවංශ අමරසිංහ, කේ.ඩී. ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, ජනදාස කිතුලේගොඩ, සිසිර වාහලතන්ති යන නායකයින්ගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර සභා ශාලාවේදී පැවැත්විණි.
එම පක්ෂයේ ජාත්‍යන්තර ලේකම් සෝමවංශ අමරසිංහ මහතා දේශනයක් පැවැත්වූ අතර ප්‍රධාන දේශනය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පවත්වනු ලැබීය. 1971 දිවි පිදූ අප්‍රේල් විරුවන් සැමරීමට එම පක්ෂයේ සාමාජිකයෝ විශාල පිරිසක්ද සහභාගී වී සිටියෝය. එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝව පහතින්.






Views: 0









