Video: මහින්ද පිටුපස එජාපය ඉන්නවා – රාජිත

මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන ඒම පිටුපස එජාපය ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දේශපාලනයේ සදාකාලික සතුරන් නොමැති බවත් එවකට සිරිමා බණ්ඩාරනායක හිටපු අගමැතිවරියේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් එජාපයට සහයෝගය දැක්වූ බවයි. ඒ ආකාරයටම නැවතත් එජාපයේ සහයෝගය මහින්ද රාජපක්ෂ මහතා දේශපාලන කරලියට ගෙන ඒමට ලැබෙන බවයි.

Facebook
Twitter
LinkedIn