ගෝටාබය ආණ්ඩුවේ හිටපු මුදල් ඇමති බරසිල් රාජපක්ෂ අද (20) උදෑසන 08.30ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණ තිබේ.
ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙකු වන ඔහු මීට මාසයකට පමණ පෙර එරටට ගොස් තිබිණි.
ඔහු පිළිගැනීම සඳහා රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්රනාන්දු, ගාමිණී ලොකුගේ, පවිත්රා වන්නිආරච්චි, ශාන්ත බණ්ඩාර, එස්.එම්.චන්ද්රසේන, ප්රසන්න රණවීර, පියල් නිශාන්ත ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළට එක් වී සිට ඇත.
Views: 0










