මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් ‌මොහොමඩ්ට අන්ත පරාජයක්

මැලේසියානු මහ මැතිවරණයෙන් මහතීර් ‌මොහොමඩ්ට අන්ත පරාජයක්

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් වසර 53කට පසු පළමු වරට මැතිවරණයකින් පරාජයට පත්ව තිබේ.

ඊයේ (19) පැවති මහ මැතිවරණයෙන් ඔහුට ආසනය අහිමි වී ඇති අතර 8%කට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම නිසා ඇප තැන්පතු මුදල ද අහිමි වන බව වාර්තා වේ.

97 හැවිරිදි මහතීර් මොහොමඩ්ගේ පක්ෂයට ද කිසිම මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට හැකිවී නැත.

1981 සිට 2003 දක්වා වසර 22ක් මලයාසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ මහතීර් මොහොමඩ් 2018 වසරේදී ලොව වයස්ගතම අග්‍රාමාත්‍යවරයා ලෙස යළි තේරී පත්විය.

ඒ වන විට 93 වන වියේ පසුවූ මහතීර් මොහොමඩ් මහතා මාස කිහිපයකට පසු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්