මත්ද්රව්යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පිහිටුවා ඇති වවුනියාව, පූන්තෝට්ටම් හි කඳවුරේ රඳවා සිටි රැදවියන් 05 දෙනකු ඉන් පැනගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
කිලිනොච්චිය ප්රදේශයේ සිට රැගෙනවිත් ඇති මෙම රැඳවියන් පිරිස මාසයකට ආසන්න කාලයක් කඳවුරේ රඳවා සිට ඇතැයිද පොලිසිය කියයි.
මෙම පිරිස කඳවුරේ තාප්පයෙන් පැනගොස් ඇති අතර පැනගිය රැදවියන් සොයා යුද හමුදාව හා පොලිසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇත.
Views: 0










