සුරාබදු දෙපාර්තමේන්තුවට අය වියයුතු රුපියල් මිලියන 5130 කට අධික මුදලක් පොලු තබා ඇති බව විගණකාධිපති වාර්ථාවකින් අනාවරණය වේ.
මෙම මුදල 2022 ජූනි 30 දිනට අය වියයුතු මූලික බද්ධ රුපියල් මිලියන 1763 ක් තිබී ඇති අතර ප්‍රමාධ ගාස්තු වශයෙන් එමෙන් දෙගුණයකට අධික රුපියල් මිලියන 3367ක් තිබී ඇත.
රාජපක්ෂ පාළන සමයේ ප්‍රබල භූමිකාවක් ඉටුකල ජොන්ස්ටන් ප්‍රනාන්දු මත්පැන් නිෂ්පාදනයේ මුල් පෙලේ ව්‍යාපාරිකයෙක් ලෙස සිටී, එසේම රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි සමයේදී ඔහු යටතේ මහබැංකු කොල්ලය සිඳුකල පර්පැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන් යටතේද ප්‍රධාන වශයෙන්ම ස්කාගාර පවත්වාගෙන යයි.
සෘජුවම දේශපාලනයට සම්භන්ධ මෙවැනි ජාවාරම් කරුවන් බදුගෙවිම් පැහැර හැර දඩමුදල් ගෙවීමද පැහැර හැරීමෙන් මෙතරම් විශාල බදුමුදලක් අයකරගැනීමට නොහැකි වී ඇති බව පැහැදිලි වේ.

Views: 0










